වික්ටෝරියා දෛනික ආසාධිතයන් 1000 ඉක්මවා යා හැකි බවට අනතුරු ඇගවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් ගණන මෙම මාසය අවසානය වනවිට 1000 ඉක්මවා යා හැකි බවට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

මහාචාර්ය Mary-Louise McLaws පවසන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය හා සමාන දෛනික ආසාධිතයන් වාර්තාවන තත්වයක් වික්ටෝරියා ප්‍රාන්තයේද උද්ගත විය හැකි බවයි.

ඩෙල්ටා වෛරසයේ බලපෑමයි මීට හේතුවි ඇත්තේ.

ගතවූ දින කිහිපය සළකා බැලීමේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් වැඩවීමක් මිස අඩුවක් දක්නට නොලැබුණු බව මහාචාර්යවරිය පෙන්වා දෙනවා.

ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් ආසාධිතයන් 334 ක් සහ එක් මරණයක් සටහන්විය.

Source : https://www.9news.com.au/national/coronavirus-victoria-update-latest-covid-19-case-numbers-september-10-regional-victoria-reopens-with-strict-patron-caps/d82ed5b1-6fbf-495d-ab46-f5a0603b3fad

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »