ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

වැටුප් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මැයි 2 වනදා පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමටයි ඔවුන් සැලසුම් කර තිබුණේ කර තිබුණේ.

වෘත්තිය සංගම් වසර හතරක් පුරා සියයට 20ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටි නමුත් එම කාලසීමාව තුළ සියයට ඔවුන්ට ලැබී ඇත්තේ සියයට 14.7ක වැටුප් වැඩිවීමක් පමණයි.

බලධාරීන් සහ වෘත්තිය සමිත අතර ඊයේ පැවති හදිසි සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටු වීමට පියවර ගෙන තිබෙනවා.

වෘත්තිය සංගමයේ ශාඛා සංවිධායක හේඩන් බොයිල් සඳහන් කළේ වැටුප් සම්බන්ධයෙන් රජය සමග ද්විපාර්ශවීය ගිවිසුම්වලට ද අත්සන් තැබූ බවයි.

එමගින් තම සාමාජිකයින්ට සාධාරණ ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි වෘත්තිය සමිති විශ්වාසය පළ කරනවා.

යෝජිත ගිවිසුම්වලින් ප්‍රගතශිලි විසඳුම් නොලැබුන හොත් යළි වෘත්තිය ක්‍රියාමාර්ග වෙත යොමුවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »