නිවසේ ඇති කරන සුනඛයා පහරදීමෙන් සිඩ්නි මවක සහ දියණියක බරපතල තුවාල ලබයි

සිය නිවසේ ඇති දැඩි කරන සුනඛයා පහරදීමෙන් සිඩ්නි නුවර පදිංචි මවක සහ දියණියක බරපතල තුවාල ලබා තිබේ.

නිවු සවුත් වේල්ස් Macarthur region හි පදිංචි දෙදෙනෙකු American Staffordshire වර්ගයේ සුනඛයෙකුගෙන් මෙම පහරදීමට ලක්ව තිබිණ.

52 හැවිරිදි මව සහ 25 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා ලිවර්පූල් රෝහල වෙත රැගෙන ගොස් ඇත.

ඔවුන්ගේ ගෙල – පාද – ඇතුලු ස්ථාන කිහිපයකට දරුණු තුවාල සිදුවී තිබේ.

අසල්වැසියෙකු ඔවුන් බේරා ගැනීම සඳහා තාප්පයෙන් පැන පැමිණ ඇති අතර ඔහුද සුලු තුවාල ලබා තිබේ.

මේ වනවිට අදාළ සුනඛයා සත්ව පාලන නිළධාරීන් භාරයට ගෙන ඇත.

 

Pic Credit – 7News

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »