Search

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක දින 03 කට e-Bay / Amazon පාර්සල් බෙදා හැරීම නවතී

අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදා හරින ආයතනවලින් (eCommerce) දින 03 කට පාර්සල් ලබා ගැනීම අත්හිටුවීමට Australia Post තීරණය කර තිබේ.

දැනට ගොඩ ගැසී ඇති පාර්සල් බෙදා අවසන් කිරීමයි ඊට හේතුව වන්නේ.

මේ අනුව ලබන සෙනසුරාදා පෙරවරු 07 සිට ලබන 07 වනදා පෙරවරු 07 දක්වා නිව් සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ACT ප්‍රාන්තවලින් පාර්සල් ලබාගැනීම සිදුවන්නේ නැහැ.

එහෙත් Express Post, Premium, Startrack Express සහ සාමාන්‍ය ලිපි නිසි ලෙස රැස් කෙරෙනු ඇති.

e-Bay / Amazon ඇතුලු eCommerce සමාගම්වල පාර්සල් මේ අනුව අදාළ දින 03 දී බෙදා හැරීමක් සිදු නොවනු ඇති.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »