Day: September 1, 2021

වික්ටෝරියා සහ NSW, Coles වෙළඳසැල්වල Original ඇපල් යුෂ අලෙවියෙන් ඉවතට

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ස්ථාන ගණනාවක Coles වෙළඳසැල්වල අලෙවි කල ඇපල් යුෂ පාන අලෙවියෙන් වහා ඉවත් කර තිබේ. විෂවීම් සහ අසාත්මිකතා මතුවීම ඊට හේතුවයි. Original වෙළඳ නාමය යටතේ අලෙවි කරන ලීටර් 1.5 ඇපල් යුෂ බෝතල් මෙලෙස නැවත කැඳවා ඇත. කිසියම් පාරිභෝගිකයෙකුට ගැටලුවක් ඇත්නම් (03) 9982 1451 / [email protected].මගින් විමසීම් කල හැකිය. මෙම බෝතල්වල කල් ඉකුත්වීම් දිනයද වැරදියට සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.   Pic – NSW Food Authority

Read More »

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක දින 03 කට e-Bay / Amazon පාර්සල් බෙදා හැරීම නවතී

අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදා හරින ආයතනවලින් (eCommerce) දින 03 කට පාර්සල් ලබා ගැනීම අත්හිටුවීමට Australia Post තීරණය කර තිබේ. දැනට ගොඩ ගැසී ඇති පාර්සල් බෙදා අවසන් කිරීමයි ඊට හේතුව වන්නේ. මේ අනුව ලබන සෙනසුරාදා පෙරවරු 07 සිට ලබන 07 වනදා පෙරවරු 07 දක්වා නිව් සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ACT ප්‍රාන්තවලින් පාර්සල් ලබාගැනීම සිදුවන්නේ නැහැ. එහෙත් Express Post, Premium, Startrack Express සහ සාමාන්‍ය ලිපි නිසි ලෙස රැස් කෙරෙනු ඇති. e-Bay / Amazon ඇතුලු eCommerce සමාගම්වල

Read More »

Lockdown අවසන් කරන්නැයි ඉල්ලා ඔස්ටේ්‍රලියාවේ ඉහළම ව්‍යාපාරික ආයතන 80 ක් ප්‍රාන්ත අගමැතිවරුන්ට ලියයි

Lockdown තත්වය වහා අවසන් කරන ලෙස ඉල්ලමින් ඔස්ටේ්‍රලියාවේ ඉහළම ව්‍යාපාරික ආයතන 80 ක් විසින් ප්‍රාන්ත අගමැතිවරුන් වෙත විවෘත ලිපියක් යොමුකර තිබේ. රටේ ආර්ථිකය – සිය සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීමේ ගැටලු ආදී කරුණු රැසක් ඊට අන්තර් ගත කර තිබේ. Coles, Telstra, Woolworths & Qantas ඇතුලු සුප්‍රකට වෙළඳ සන්නාම විසින් මෙම ලිපියට අත්සන් තබා ඇත. ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 10 කට පමණ සිය ආයතන විසින් රැකියා සපයන බවත් පවතින Lockdown තත්වයන් හමුවේ ඔවුන්ගේ ජීවනෝපායන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවත්

Read More »

අනිද්දායින් පසු වික්ටෝරියා නව රෙගුලාසි සියල්ල මෙතැනින් / Take-away වෙනසක් නෑ

අනිද්දා සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුකෙරෙන රෙගුලාසි සංශෝධනය පිළිබඳ ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් අද පැහැදිලි කලේය. ඒ අනුව අවන්හල් තුළ තවදුරටත් Take-away ක්‍රමයට පමණක් ආහාර රැගෙන යා හැකිය. ක්‍රීඩාංගණ විවෘත කිරීම හැර සෙසු සියලු සීමා ලිහිල් කිරීම් බලාත්මක වන්නේ සැප්තැම්බර් 23 වනදායින් පසුවයි.  

Read More »
breaking

Breaking: අනිද්දා සිට වික්ටෝරියා Lockdown සීමා ලිහිල් කෙරේ – ක්‍රීඩා භූමි විවෘත කිරීමට අවසර

හෙට එනම් 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රීඩා භූමි විවෘත කිරීමට අවසර දී තිබේ. සැප්තැම්බර් 23 වනදා වනවිට ප්‍රාන්තයේ ජනගහණයෙන් සියයට 70 ක් එන්නත් කර අවසන් කරන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කලේ. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් මේ බව පැවසීය. එදිනට (23 වනදාට)පසු දැනට බලාත්මක කිලෝමීටර් 05 සිමාව කිලෝමීටර් 10 දක්වා ඉහළ දැමෙනු ඇත. ශරීර සුවතා කල හැකි කාලසීමාව පැය 01 සිට පැය 03 දක්වා ඉහළ දැමේ. ඉදිකිරීම්

Read More »