
හෙට එනම් 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රීඩා භූමි විවෘත කිරීමට අවසර දී තිබේ.
සැප්තැම්බර් 23 වනදා වනවිට ප්‍රාන්තයේ ජනගහණයෙන් සියයට 70 ක් එන්නත් කර අවසන් කරන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කලේ.
දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් මේ බව පැවසීය.

එදිනට (23 වනදාට)පසු
දැනට බලාත්මක කිලෝමීටර් 05 සිමාව කිලෝමීටර් 10 දක්වා ඉහළ දැමෙනු ඇත.
ශරීර සුවතා කල හැකි කාලසීමාව පැය 01 සිට පැය 03 දක්වා ඉහළ දැමේ.

ඉදිකිරීම් භූමිවලට කැඳවිය හැකි සේවකයන් ගණන සියයට 50 දක්වා වැඩි කෙරේ.
ඉදිරි කාල සීමාව තවත් දුෂ්කර වනු ඇති බවද අගමැතිවරයා පැවසීය.
එන්නත්කරණ ඉලක්කය ජය ගැනීම එහි ප්‍රමුඛ ඉලක්කයක් බවයි ඔහු කියා සිටියේ.