ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නව වීසා ගාස්තු සහ දඩ මුදල් මෙන්න

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නව වීසා ගාස්තු සහ දඩ මුදල් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය අගෝස්තු 18 වන දින ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනයේ ඇතුළත් නව ආගමික හා විගාමික රෙගුලාසි අනුව මෙම ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැදී සිටීමට වීසා ගාස්තුවට අමතරව අමරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් අය කෙරෙනු ඇති.

පළමු වන නේවාසික වීසා කාණ්ඩයට අයත් ආයෝජකයින් / සේවා නියුක්තිකයින් / ශිෂ්‍යයින් ඇතුලූ එම කාණ්ඩයේ පිරිස් සදහා වීසා ගාස්තුව ඩොලර් 200 ක්.

සංචාරක වීසා ඔස්සේ පැමිණෙන සාර්ක් රටවල් සදහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඩොලර් 20 ක් සහ පැමිණීමෙන් පසු ඩොලර් 25 ක් ලෙස සංශෝධනය කරනු ඇති.

ව්‍යාපාරික කාර්යයන් සදහා පැමිණෙන පුද්ගලයින් සදහාද මේ ආකාරයෙන් වීසා ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »