Day: August 28, 2021

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නව වීසා ගාස්තු සහ දඩ මුදල් මෙන්න

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නව වීසා ගාස්තු සහ දඩ මුදල් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය අගෝස්තු 18 වන දින ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනයේ ඇතුළත් නව ආගමික හා විගාමික රෙගුලාසි අනුව මෙම ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැදී සිටීමට වීසා ගාස්තුවට අමතරව අමරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් අය කෙරෙනු ඇති. පළමු වන නේවාසික වීසා කාණ්ඩයට

Read More »

Berwick අවන්හල් කිහිපයක් සහ වෙළඳසැලක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Berwick හි අවන්හල් කිහිපයක් සහ වෙළඳසැලක් මෙල්බර්න් කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. Tier 02 ඝනයට නම් කර ඇති මෙම ස්ථානවලට ගිය කවරෙකු හෝ වෙතොත් කොවිඩ් පරීක්ෂණයකට යොමුවී වහා සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා. වික්ටෝරියා කොවිඩ් අවධානම් සමස්ත ස්ථාන ලැයිස්තුව මෙසේයි. https://www.coronavirus.vic.gov.au/exposure-sites

Read More »

ඇඩිලේඩ් පියෙකු සිය පුත්‍රයා ඝාතනය කර ඔහුද සිය දිවි හානිකරගනී

ඇඩිලේඩ් West Lakes හි නිවසකදි පියෙකු සිය පුත්‍රයා ඝාතනය කර ඔහුද සියදිවි හානිකරගෙන තිබේ. අද පස්වරු 01 යි 30 ට පමණ පොලිසියට ලද තොරතුරකට අනුව විමර්ශන කණ්ඩායම් එහි ගොස් තිබිණ. මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 46 හැවිරිදි පුත්‍රයායි. කුමන හේතුවක් මත මෙම සියදිවි නසා ගැනීම සහ ඝාතනය සිදුකර ඇතිදැයි මේ දක්වා අනාවරණ වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතයි.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තය ෆෙඩරල් රජයෙන් තවත් අමතර එන්නත් ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් තවත් අමතර එන්නත් මාත්‍රා ලබා දෙන ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අංශ ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ ඉල්ලුමට සරිලන එන්නත් සැපයුම ලබාදීමේ අසීරුතාවක් උද්ගතව ඇති බවයි. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ෆයිසර් මෙන්ම ඇස්ට්‍රා-සෙනෙකා යන එන්නත් දෙකටම මේ වනවිට ඉහළ ඉල්ලුමක් පවතින බවද ඔහු කියාසිටියා. දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්ගතව සිටින කොවිඩ් ආසාධිත ජනගහණයෙන් සියයට 60 ක් පමණ වයස අවුරුදු 50 ට අඩු අය බවද හෙළිවී තිබේ. හැකිතාක් ඉක්මණින් අවධානම්

Read More »

NSW තුළ නැවත වරක් විවාහ මංගල උත්සව සඳහා අවසර

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ විවාහ මංගල උත්සව ගැනීම සඳහා නැවත වරක් අවසර ලබාදී තිබේ. ලබන සැප්තැම්බර් 03 වනදා සිට එම අවසරය හිමිවන බව ප්‍රාන්ත බළධාරීන් සඳහන් කර ඇත. කෙසේවෙතත් අමුත්තන් ලෙස සහභාගී විය හැකි වනුයේ උපරිම 05 දෙනෙකුට පමණි. නිවු සවුත් වේල්ස් බළධාරින් මෙම තීරණය ගෙන ඇත්තේ අඛණ්ඩව දෛනික කොවිඩ් ආසාධිතයන් ඉහළයන පසුබිමකදී වීම විශේෂත්වයක්. Guildford, Merrylands, Auburn, Granville, Bankstown & Greystanes යන ප්‍රදේශ කොවිඩ් දැඩි අවධානම් කලාප ලෙසයි නිවු සවුත් වේල්ස් බළධාරීන් විසින්

Read More »