ඇඩිලේඩ් පියෙකු සිය පුත්‍රයා ඝාතනය කර ඔහුද සිය දිවි හානිකරගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

ඇඩිලේඩ් පියෙකු සිය පුත්‍රයා ඝාතනය කර ඔහුද සිය දිවි හානිකරගනී

ඇඩිලේඩ් පියෙකු සිය පුත්‍රයා ඝාතනය කර ඔහුද සිය දිවි හානිකරගනී

ඇඩිලේඩ් West Lakes හි නිවසකදි පියෙකු සිය පුත්‍රයා ඝාතනය කර ඔහුද සියදිවි හානිකරගෙන තිබේ.

අද පස්වරු 01 යි 30 ට පමණ පොලිසියට ලද තොරතුරකට අනුව විමර්ශන කණ්ඩායම් එහි ගොස් තිබිණ.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 46 හැවිරිදි පුත්‍රයායි.

කුමන හේතුවක් මත මෙම සියදිවි නසා ගැනීම සහ ඝාතනය සිදුකර ඇතිදැයි මේ දක්වා අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතයි.