වික්ටෝරියා ප්‍රාන්තය ෆෙඩරල් රජයෙන් තවත් අමතර එන්නත් ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් තවත් අමතර එන්නත් මාත්‍රා ලබා දෙන ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අංශ ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ ඉල්ලුමට සරිලන එන්නත් සැපයුම ලබාදීමේ අසීරුතාවක් උද්ගතව ඇති බවයි.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ෆයිසර් මෙන්ම ඇස්ට්‍රා-සෙනෙකා යන එන්නත් දෙකටම මේ වනවිට ඉහළ ඉල්ලුමක් පවතින බවද ඔහු කියාසිටියා.

දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්ගතව සිටින කොවිඩ් ආසාධිත ජනගහණයෙන් සියයට 60 ක් පමණ වයස අවුරුදු 50 ට අඩු අය බවද හෙළිවී තිබේ.

හැකිතාක් ඉක්මණින් අවධානම් වයස් කාණ්ඩයේ පුද්ගලයන් එන්නත්කර අවසන් කිරීම අපේක්ෂාව බවයි Martin Foley කියාසිටියේ.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »