Coles වෙතින් ගත් චීස් පැකට්ටුවක පොලිතීන් හා ප්ලාස්ටික් කැබලි – AusLanka TV – Australian News for the Sri Lankan community

Coles වෙතින් ගත් චීස් පැකට්ටුවක පොලිතීන් හා ප්ලාස්ටික් කැබලි

Coles වෙතින් ගත් චීස් පැකට්ටුවක පොලිතීන් හා ප්ලාස්ටික් කැබලි

Coles වෙතින් මිළදී ගත් Grated චීස් පැකට්ටුවක තිබී පොලිතීන් හා ප්ලාස්ටික් කැබලි කිහිපයක් හමුවීමේ පුවතක් වාර්තා වේ.

පියෙකු විසින් සිය දරුවන්ට දීමට ගෙනා චීස් පැකට්ටුවකයි මෙම ද්‍රව්‍ය තිබී ඇත්තේ.

ඔහු විසින් මේ බව දක්වමින් ටික් ටොක් සමාජ ජාලය තුළ වීඩියෝවක්ද පළකර තිබිණ.

ඊට ප්‍රතිචාර දක්වමින් තවත් ටික් ටොක් පරිශීලකයන් කිහිප දෙනෙකුම සඳහන් කර තිබුණේ ඔවුන් මිළයට ගත් චීස් තුළද මෙවැනිම ආකාරයෙන් පොලිතීන් කැබලි තිබූ බවයි.

Coles ආයතනයද මීට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ අදාළ සිද්ධිය පිළිබඳ දැඩි අවධානය යොමුකර සොයා බලන බවයි.

කිසියම් පාරිභෝගිකයෙකුට මිළදී ගත් නිෂ්පාදනය ගැන සෑහීමකට පත්විය නොහැකි නම් ළගම ඇති අලෙවි සැලට එය භාරදී මුදල් හෝ අලුත් නිෂ්පාදනයක් ලබාගත හැකි බවද Coles සඳහන් කලා.