Day: August 27, 2021

අපචාර ක්‍රියා 100 කට සම්බන්ධ වික්ටෝරියා පොලිස් නිළධාරියෙකුට මෙල්බර්න් අධිකරණයක චෝදනා

රාජකාරි කාලය තුළ ස්ත්‍රී දූෂණ ඇතුලු විවිධ හිංසන ක්‍රියා සිදුකල වික්ටෝරියා හිටපු පොලිස් නිළධාරියෙකුට එරෙහිව මෙල්බර්න් අධිකරණයක් හමුවේ චෝදනා ගොණු කර තිබේ. Brett Johnson නම් 41 හැවිරිදි මොහු 2010 – 2019 කාලසීමාවේදී රාජකාරියේ නියුතු කාල සීමාවේදී සිය බලය අවභාවිත කර මෙවැනි ක්‍රියා 100 ක් පමණ සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. Greensborough, Pyramid Hill ඇතුලු ප්‍රදේශවල සිදුවු විවිධ අපචාර සඳහාද මෙම තැනැත්තා සම්බන්ධ බවයි අනාවරණ වී ඇත්තේ. නඩුව වැඩිදුර විභාගය ලබන නොවැම්බර් මාසයේදී සිදුකෙරේ. Pic

Read More »

ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දා අලුයම 04 දක්වා දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සැප්තැම්බර් 06 වනදා අලූයම 04 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක නිවේදනය කලේ. මේ අනුව ලබන සඳුදා අලුයම 04 ට අවසන්වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.

Read More »

NSW දෛනික කොවිඩ් දත්ත ඉදිරිපත් කිරීම නවතී

මින් ඉදිරියට දෛනික කොවිඩ් ආසාධිතයන් පිළිබඳ සවිස්තරාත්මක දත්ත ඉදිරිපත් නොකිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ අනුව දිනපතා උදාසන 11 ට ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ආසාධිතයන් ගණන – මරණ සහ එන්නත්කරණය පිළිබඳ සංඛ්‍යා පමණක් ඉදිරිපත් කෙරෙනු ඇති. දෛනික ආසාධිතයන් කුමන පොකුරකට සම්බන්ධදැයි මෙන්ම ඔවුන්ට වෛරසය වැළඳුනේ කෙසේදැයි යන්න වැනි දත්ත මින් ඉදිරියට ප්‍රකාශයට පත් කෙරෙනුයේ නැහැ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් පවසන්නේ දිනපතා විශාල ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තාවන

Read More »

තරුණියක සමූහ දූෂණය : සිඩ්නි පීසා සේවකයෙකුට වසර 13 ක සිර දඩුවමක්

තරුණියක සමූහ දූෂණයට ලක් කල සිඩ්නි පීසා අවන්හලක සේවකයෙකුට වසර 13 ක සිර දඩුවමක් නියම කර තිබේ. Ricardo Audish නම් මෙම සැකකරු විවාහක අයෙකු වනවා. 2016 වසරේ ඔක්තෝබර් මාසයේදී දකුණු සිඩ්නි හිදී සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් 42 හැවිරිදි Ricardo Audish ට චෝදනා 03 ක් ගොණු කර තිබිණ. මෙහි වින්දිතයාට දීර්ඝ කාලීන තත්වයක් මේ වනවිට ඇතිවී ඇතැයි වාර්තා සඳහන් කරයි. 18 හැවිරිදි ඇය මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාරද ලැබුවාය. අධිකරණයේදී අනාවරණය වූයේ ඇය සිය පෙම්වතා සමග

Read More »

NSW පාසල් යළි විවෘත කිරීමේ සැළසුම එළි දකී

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් සිසුන්ට යළි පාසල් විවෘත කිරීමේ සැලසුම පිළිබඳව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කළාය. ඒ අනුව බාලාංශ සහ 1 වසර පන්ති වල ළමයින්ට ඔක්තෝබර් 25 වනදා සිට ද 2, 6 සහ 11 වසර පන්ති වල ළමයින්ට නොවැම්බර් 01 වනදා සිට ද 3, 4, 5, 7, 8, 9 සහ 10 වසර පන්ති වල ළමයින්ට නොවැම්බර් 08 වනදා සිට ද පාසල් යළි විවෘත කෙරෙනු ඇත. තවද සෑම අංශයකම සිටින සියලුම පාසල් කාර්ය මණ්ඩල

Read More »