මින් ඉදිරියට දෛනික කොවිඩ් ආසාධිතයන් පිළිබඳ සවිස්තරාත්මක දත්ත ඉදිරිපත් නොකිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
ඒ අනුව දිනපතා උදාසන 11 ට ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ආසාධිතයන් ගණන – මරණ සහ එන්නත්කරණය පිළිබඳ සංඛ්‍යා පමණක් ඉදිරිපත් කෙරෙනු ඇති.
දෛනික ආසාධිතයන් කුමන පොකුරකට සම්බන්ධදැයි මෙන්ම ඔවුන්ට වෛරසය වැළඳුනේ කෙසේදැයි යන්න වැනි දත්ත මින් ඉදිරියට ප්‍රකාශයට පත් කෙරෙනුයේ නැහැ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් පවසන්නේ දිනපතා විශාල ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තාවන බැවින් එක් එක් තැනැත්තා සම්බන්ධ තොරතුරු ප්‍රකාශ කිරීම අනවශ්‍ය ලෙස කාලය කා දැමීමක් බවයි.
ඒ වෙනුවට අන්තර්ජාල වාර්තාවට පමණක් එම තොරතුරු ඇතුළත් කෙරෙනු ඇති.