නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ පාසල් සිසුන්ට යළි පාසල් විවෘත කිරීමේ සැලසුම පිළිබඳව ප්රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කළාය.
ඒ අනුව බාලාංශ සහ 1 වසර පන්ති වල ළමයින්ට ඔක්තෝබර් 25 වනදා සිට ද
2, 6 සහ 11 වසර පන්ති වල ළමයින්ට නොවැම්බර් 01 වනදා සිට ද
3, 4, 5, 7, 8, 9 සහ 10 වසර පන්ති වල ළමයින්ට නොවැම්බර් 08 වනදා සිට ද පාසල් යළි විවෘත කෙරෙනු ඇත.
තවද සෑම අංශයකම සිටින සියලුම පාසල් කාර්ය මණ්ඩල සඳහා නොවැම්බර් 8 වනදා සිට කොවිඩ් එන්නත් ලබාගැනීම අනිවාර්ය කෙරේ.
නමුත් සැප්තැම්බර් 6 දා සිට ඔවුන්ට එන්නත ලබා ගැනීම සඳහා ප්රමුඛතාවය ලබා දෙනු ඇත.
Pic – AAP