මෙල්බර්න් Woolworths වෙළඳ සැලක් කොවිඩ් අවධානම් ලේඛනයට – දහස් සංඛ්‍යාත පිරිසක් හුදකලා කෙරේ

මෙල්බර්න් Altona North හි (Millers Junction) Woolworths වෙළඳ සැල කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කිරීම හමුවේ දහස් සංඛ්‍යාත පාරිභෝගිකයන් පිරිසක් හුදකලා තත්වයට පත් කර තිබේ.

ඒ එහි සේවකයෙකුට වෛරසය වැළඳී ඇතැයි තහවුරුවීමත් සමගයි.

මේ අනුව පසුගිය 13 – 16 – 17 – 18 – 19 – 20 දිනවල දිනය පුරා එහි සිටි පාරිභෝගිකයන්ට වහා හුදකලා වන ලෙසටයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

Tier 01 ඝණයේ අවධානම් ස්ථානයක් ලෙස එය නම් කර ඇති අතර වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබුණද දින 14 ක් යනතුරු හුදකලාව සිටිය යුතු වනවා.

වික්ටෝරියා නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින් :

https://www.coronavirus.vic.gov.au/exposure-sites

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »