Day: August 25, 2021

දරුවන් දෙදෙනා පැහැරගෙන ඇත්තේ පියාගේ සේවකයෙක් – ඩොලර් ලක්ෂ 10 ක කප්පමකුත් ඉල්ලලා

පෙරේදා දිනයේදී මෙල්බර්න් නැගෙනහිර ප්‍රදේශයේ නිවසකින් දරුවන් දෙදෙනෙකු පැහැරගත් තැනැත්තා ඩොලර් ලක්ෂ 10 ක කප්පමක් ඉල්ලා ඇතැයි අද අධිකරණයේදී හෙළිවිය. Jiangang Ji නම් 36 හැවිරිදි සැකකරු මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කල අවස්ථාවේදී චෝදනා 06 ක් ගොණු කර තිබේ. ඉදිකිරීමේ සේවකයෙකු වන මොහු විසින් පැහැරගෙන ගොස් ඇත්තේ ඔහුගේ සේවා ස්ථානයේ හිමිකරුගේ දරුවන් දෙදෙනා වන අතර තර්ජනය කර කප්පම ලබාගැනීම සැළසුම වී තිබූ බව අනාවරණය වී ඇත. පෙරේදා Blackburn North හි නිවසකින් උදාසන 08.30 ට පමණ

Read More »
breaking

Breaking: ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 04 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් ආසාධිතයන් ගණන ලක්ෂ 04 ඉක්මවා යයි. ඒ පසුගිය දිනවලදී වාර්තා නොවූ ආසාධිතයන් පිරිසක්ද වාර්තා අතරට එක්වීමත් සමගයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් ගණන 403,285 කි. කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 04 ඉක්මවූ 60 වන රට වන්නේ ශ්‍රී ලංකාවයි.

Read More »

Cranbourne Turf Club එන්නත්කරණ මධ්‍යස්ථානය කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බර්න් Cranbourne Turf Club එන්නත්කරණ මධ්‍යස්ථානය කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ. පසුගිය 21 වනදා පස්වරු 01.30 ත් 02.30 ත් අතර කාලයේදී කොවිඩ් ආසාධිතයෙකු එම ස්ථානයේ සිටි බවට තහවුරු වී ඇත. එම ස්ථානය Tier 02 ඝණයේ අවධානම් ස්ථානයක් ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඒ අනුව වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා.

Read More »

මෙල්බර්න් Woolworths වෙළඳ සැලක් කොවිඩ් අවධානම් ලේඛනයට – දහස් සංඛ්‍යාත පිරිසක් හුදකලා කෙරේ

මෙල්බර්න් Altona North හි (Millers Junction) Woolworths වෙළඳ සැල කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කිරීම හමුවේ දහස් සංඛ්‍යාත පාරිභෝගිකයන් පිරිසක් හුදකලා තත්වයට පත් කර තිබේ. ඒ එහි සේවකයෙකුට වෛරසය වැළඳී ඇතැයි තහවුරුවීමත් සමගයි. මේ අනුව පසුගිය 13 – 16 – 17 – 18 – 19 – 20 දිනවල දිනය පුරා එහි සිටි පාරිභෝගිකයන්ට වහා හුදකලා වන ලෙසටයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ. Tier 01 ඝණයේ අවධානම් ස්ථානයක් ලෙස එය නම් කර ඇති අතර වහා කොවිඩ් පරීක්ෂණයකට

Read More »

වික්ටෝරියා සක්‍රිය ආසාදිතයින් 538 න් අඩකටත් වඩා 30 ට අඩු පුද්ගලයින් / 114 දෙනෙකු 09 ට අඩු ළමුන්

වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 538 දෙනාගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් බවත් එයින් 114 දෙනෙකු වයස අවුරුදු 9 ට වඩා අඩු ළමුන් බවත් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 16  සහ 17 සිටින පුද්ගලයින්ට Pfizer එන්නත ලබාගත හැකි අතර 18 ත් 39 ත් අතරේ පසුවන අයට Pfizer හෝ AstraZeneca  එන්නත් දෙකින් ඕනෑම එකක් ලබාගැනීමට දැන් හැකියාව පවතී. නමුත් වයස

Read More »