දරුවන් දෙදෙනා පැහැරගෙන ඇත්තේ පියාගේ සේවකයෙක් – ඩොලර් ලක්ෂ 10 ක කප්පමකුත් ඉල්ලලා

පෙරේදා දිනයේදී මෙල්බර්න් නැගෙනහිර ප්‍රදේශයේ නිවසකින් දරුවන් දෙදෙනෙකු පැහැරගත් තැනැත්තා ඩොලර් ලක්ෂ 10 ක කප්පමක් ඉල්ලා ඇතැයි අද අධිකරණයේදී හෙළිවිය.

Jiangang Ji නම් 36 හැවිරිදි සැකකරු මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කල අවස්ථාවේදී චෝදනා 06 ක් ගොණු කර තිබේ.

ඉදිකිරීමේ සේවකයෙකු වන මොහු විසින් පැහැරගෙන ගොස් ඇත්තේ ඔහුගේ සේවා ස්ථානයේ හිමිකරුගේ දරුවන් දෙදෙනා වන අතර තර්ජනය කර කප්පම ලබාගැනීම සැළසුම වී තිබූ බව අනාවරණය වී ඇත.

පෙරේදා Blackburn North හි නිවසකින් උදාසන 08.30 ට පමණ පැහැරගත් දරුවන් දෙදෙනා හමුවූයේ රාත්‍රී 07 ට පමණය.

දරුවන් දෙදෙනාගේ මවට පහරදී ඇයට අයත් කලු පැහැති මර්සිඩීස් බෙන්ස් රථයෙන් මෙම පැහැර ගැනීම සිදුකර තිබිණ.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »