Day: August 25, 2021

වික්ටෝරියාවේ දෙවන දිනටත් කොවිඩ් රෝගීන් ගේ අඩුවීමක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 45 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 538 කි. ඊයේ දිනයේදී (24) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 53,321 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 31,629 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1430300139726409729?s=20  

Read More »

Lockdown නීති කඩා මෙල්බර්න් නීති විරෝධී සාදයක් පැවැත්වූ 56 කට ඩොලර් ලක්ෂ 03 ක දඩ

Lockdown නීති කඩකරමින් මෙල්බර්න් නගරයේ නීති විරෝධී සාදයක් පැවැත්වූ පුද්ගලයන් 56 දෙනෙකුට ඩොලර් ලක්ෂ 03 කට වැඩි දඩයක් පණවා තිබේ. විවාහයක් ලියාපදිංචි කිරීම වෙනුවෙන් Caulfield North ප්‍රදේශයේ මෙම සාදය පවත්වා තිබිණ. එහි සිටි සෑම අයෙකුටම ඩොලර් 5452 බැගින් දඩ නියම කල බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ. කෙසේවෙතත් සාදයට පැමිණ සිටි කිසිදු ළමයෙකුට දඩ නියම කර නැහැ. මෙම පිරිසේ සිටි කිසිවෙකුත් මුව ආවරණ පැළඳ සිට නොමැති බව වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කලා. Pic – 09 News

Read More »

ලාමා සත්වයන්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ – අලුත්ම අධ්‍යයනයේ සුලමුල මෙන්න

ලාමා සත්වයන්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ (antibodies) ස්වභාවිකවම නිපදවෙන බව පර්යේෂණයකින් අනාවරණ වී තිබේ. ඒ බෙල්ජියමේ රසායනාගාරයක සිදුකල පරීක්ෂණයකදීයි. කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද සඳහා සාර්ථකව මුහුණදීමටද මෙම ප්‍රතිදේහ වලට හැකි බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ. මේ අනුව කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේදී මෙම සොයාගැනීම සාර්ථක ඉදිරි පියවරක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ලාමා සත්වයන්ගේ සිරුරු තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ ඉහළ ප්‍රතිශක්තීකරණයකින් සමන්විත වීම විශේෂත්වයක්. මෙම පර්යේෂණයේ දත්ත යොදාගනිමින් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීම සම්බන්ධයෙන්ද විද්‍යාඥයන් සොයා බලමින් සිටී. Pic

Read More »