Day: August 25, 2021

කොවිඩ් ආසාධිතව ඔස්ටේ්‍රලියාවේදී මියගිය වයසින් අඩුම කාන්තාව සිඩ්නි නුවරින්

කොවිඩ් ආසාධිතව ඔස්ටේ්‍රලියාවේදී මියගිය වයසින් අඩුම කාන්තාව බවට සිඩ්නි නුවර පදිංචි 30 හැවිරිදි තිදරු මවක පත්වී තිබේ. Ianeta Isaako නම් ඇය සිඩ්නි නුවර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඊයේ පස්වරුවේ මියගොස් තිබේ. ඇයගේ සැමියා ද මේ වනවිට කොවිඩ් ආසාධිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. මියගිය කාන්තාවට වෙනත් රෝගාබාධ තිබුණේ දැයි සොයා මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණයක්ද ආරම්භ වී තිබේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 113 ක් දැඩි සත්කාර ඒකකවල සිටින බවත් 98 ක්

Read More »

මූල්‍ය වංචාවකට වරදකරු වූ ලාංකිකයෙකුට අමෙරිකාවේදී වසර 115 ක සිර දඩුවමක් නියම වන ළකුණු

මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බි්‍රතාන්‍ය ජාතිකයෙකු අමෙරිකාවේ අධිකරණයක් ඉදිරියේ වරදකරුවෙකු බවට පත් වී තිබේ. ඔහුට එරෙහිව චෝදනා 09 ක් ගොණු කර තිබිණ. ඉදිරියේදී මෙම තැනැත්තාට දඩුවම් නියම කිරීමට නියමිත අතර ඩොලර් මිලියන 11.5 ක දඩයකට අමතරව වසර 115 සිර දඩුවමක්ද නියමවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. 2014 – 2018 කාලසීමාවේදී Sivendran Vettivetpillai නම් මොහුගේ සමාගමකින් බරපතල මූල්‍ය වංචා සිදුව ඇති බවට හෙළිවී තිබේ. නිව්යෝර්ක් නුවර අධිකරණයක පැවති නඩු විභාගය අවසානයේ

Read More »

ෆයිසර් ගන්න දහස් සංඛ්‍යාත පිරිසක් Log වී වික්ටෝරියා එන්නත් වෙබ් අඩවිය අක්‍රීය වෙයි

ෆයිසර් එන්නත ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වීමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන් දහස් සංඛ්‍යාත පිරිසක් කටයුතු කිරීම හමුවේ වික්ටෝරියා එන්නත් ලියාපදිංචි වෙබ් අඩවිය අක්‍රීය වී තිබේ. අද සිට ප්‍රාන්තයේ අවුරුදු 16 – 39 අතර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ගැනීම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව දී තිබිණ. පෝලන්ත්යෙන් ලැබුණු ෆයිසර් මාත්‍රා ලක්ෂ 05 අතුරින් වික්ටෝරියා ප්‍රාන්තයට ලද මාත්‍රා ගණන 175,000 කි. අද පෙරවරුවේ ඔන්ලයින් ලියාපදිංචි කිරීම් ආරම්භවී විනාඩි කිහිපයක් තුළ අති විශාල පිරිසක් ලියාපදිංචිවීමට පැමිණීමත් සමග එය අක්‍රීය වී තිබේ.

Read More »

NSW කොවිඩ් වාර්තාව යළි අලුත් වෙයි – ඊයේ ආසාධිතයන් 921 ක් / 741 කට වැළඳුණු ආකාරය හෙළිවී නෑ

ඔස්ටේ්‍රලියාවෙන් මේ දක්වා එක් දිනයකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වාර්තාව නැවතත් අලුත් කරමින් ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 921 ක් වාර්තා වී තිබේ. මින් 741 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය මෙතෙක් හෙළිවී නැහැ. සිඩ්නි නගරයෙන් ඊයේ කොවිඩ් මරණ 02 ක් ද වාර්තා විය. මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 132 දක්වා වැඩි වේ. https://twitter.com/NSWHealth/status/1430334358351536130?s=20

Read More »

මෙල්බර්න් බටහිර නිවසකින් පුද්ගල මළ සිරුරක්

මෙල්බර්න් බටහිර ප්‍රදේශයේ නිවසකින් හමුවූ පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භවී තිබේ. Sunshine North ප්‍රදේශයේ නිවසක තුවාල සහිත අයෙකු සිටින බවට ලද තොරතුරක් අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණ. වහා එම ස්ථානයට පොලිසිය සහ ගිලන් රථයක් පැමිණ ඇතත් එම තැනැත්තාගේ ජීවිතය ගලවා ගැනීමට හැකිවී නොමැත. මෙය පහරදීමක්ද නැතහොත් හදිසි අනතුරක්ද යන්න තහවුරු කර ගැනීමට වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. Pic- 9News

Read More »