
ෆයිසර් එන්නත ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වීමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන් දහස් සංඛ්‍යාත පිරිසක් කටයුතු කිරීම හමුවේ වික්ටෝරියා එන්නත් ලියාපදිංචි වෙබ් අඩවිය අක්‍රීය වී තිබේ.
අද සිට ප්‍රාන්තයේ අවුරුදු 16 – 39 අතර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ගැනීම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව දී තිබිණ.
පෝලන්ත්යෙන් ලැබුණු ෆයිසර් මාත්‍රා ලක්ෂ 05 අතුරින් වික්ටෝරියා ප්‍රාන්තයට ලද මාත්‍රා ගණන 175,000 කි.

අද පෙරවරුවේ ඔන්ලයින් ලියාපදිංචි කිරීම් ආරම්භවී විනාඩි කිහිපයක් තුළ අති විශාල පිරිසක් ලියාපදිංචිවීමට පැමිණීමත් සමග එය අක්‍රීය වී තිබේ.
හැකි ඉක්මණින් එය යථා තත්වයට පත් කරන බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියාසිටී.
