වික්ටෝරියා සක්‍රිය ආසාදිතයින් 538 න් අඩකටත් වඩා 30 ට අඩු පුද්ගලයින් / 114 දෙනෙකු 09 ට අඩු ළමුන්

වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 538 දෙනාගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් බවත් එයින් 114 දෙනෙකු වයස අවුරුදු 9 ට වඩා අඩු ළමුන් බවත් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 16  සහ 17 සිටින පුද්ගලයින්ට Pfizer එන්නත ලබාගත හැකි අතර 18 ත් 39 ත් අතරේ පසුවන අයට Pfizer හෝ AstraZeneca  එන්නත් දෙකින් ඕනෑම එකක් ලබාගැනීමට දැන් හැකියාව පවතී.

නමුත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ලබාගත හැක්කේ AstraZeneca එන්නත පමණි.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 45 ක් හමුවී තිබේ.

එමෙන්ම අදාළ ආසාදිතයින්ගෙන් 28 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »