දුලබ හෘද රෝගයක් සහිත ක්වීන්ස්ලන්ඩ් බිළිඳියකට සති 03 කට පසු පැය 07 ක සැත්කමක්

දුලබ හෘද රෝගයක් සහිතව උපත ලද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බිළිඳියකට සති 03 කට පසුව සැත්කමක් කිරීමේ පුවතක් වාර්තා වේ.

Mia නම් මෙම බිළිඳිය උපත ලබා ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ක්‍රියාත්මක Lockdown සමයේදීයි.

ඒ අනුව ඇය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරුන් නිවසට ගෙන්වා ගැනීමද දුෂ්කර වී තිබිණ.

එමෙන්ම hypoplastic left heart syndrome නම් ඉතා දුර්ලභ රෝගයෙන් පෙළෙන මෙම දැරියට අදාළ සැත්කම සිදුකිරීම සඳහා සිටිනුයේ ඒ පිළිබඳ දැනුමැති වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණක් වුවද ඔවුන් දෙදෙනාම හුදකලා කර සිටීම හමුවේ තත්වය තවත් දරුණු වූ බව දැරියගේ මව පවසා සිටියාය.

කෙසේවෙතත් සති 03 ක් අවසානයේ දැරිය පැය 07 ක සැත්කමකට භාජනය කර ඇති අතර මේ වනවිට ඇයගේ තත්වය යහපත් බව වාර්තා වේ.

ඇය තවත් මාස කිහිපයකින් තවත් ශෛල්‍යකර්මයකට භාජනය කෙරෙන අතර වයස අවුරුදු 04 දී තවත් සැත්කමකට යොමු කිරීමට නියමිතය.

Pic – 9News

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »