Day: August 24, 2021

පොලිස් ස්ථානයකට පෙට්‍රල් බෝම්බ එල්ලකරන බව කියූ වික්ටෝරියා වාසියෙකු අත්අඩංගුවට

පොලිස් ස්ථානයකට දුරකථනයෙන් අමතා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකරන බවට අනතුරු ඇගවීමක් කල වික්ටෝරියා ප්‍රාන්ත වාසියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 48 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැණුනේ Basin හි පිහිටි ඔහුගේ නිවසේදීයි. එළඹෙන සතියට යෙදී ඇති විරෝධතාවයකදී මෙම ප්‍රහාරය එල්ල කරන බවටයි ඔහු විසින් අනතුරු අගවා තිබුණේ. මෙම තැනැත්තා ඇප මත මුදා හැර ඇති අතර යළිත් ලබන වසරේ පෙබරවාරි 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුයි. මෙම සිද්ධියත් සමග මෙල්බර්න් CBD වෙත නැවතත් මෙම සති අන්තයේදීත් උද්ඝෝෂකයන් පැමිණිය හැකි

Read More »

එන්නත ගෙන නැති රියදුරන්ට කුලී ගමන් නෑ – 13Cabs වෙතින් අලුත් නීතියක්

තමා ගමන් ගන්නා කුලී රථ රියදුරා කොවිඩ් එන්නත ලබාගෙන ඇතිද නොමැති අයෙකුද යන්න තෝරා ගැනීමට මගීන්ට අවස්ථාව දීමට 13Cabs ආයතනය සූදානම් වෙයි. ඒ අනුව මාස කිහිපයක් තුළ තම සියලුම රියදුරන් පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් කල හැකි වනු ඇතැයිද ඔවුන් දන්වා සිටී. එමෙන්ම Call Centre හරහා කුලී රථයක් ඇණවුම් කිරීමේදීද එන්නත ලබාගත් රියදුරෙකු පමණක් තෝරා ගැනීමේ අවස්ථාවද මගීන්ට උදාවනු ඇත. පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් සළකා බලා මෙම තීරණය ගත් බවයි 13Cabs ආයතනය නිවේදනය කලේ. එන්නත නොමැති රියදුරන් හැකි

Read More »

Breaking: මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාධනය වී කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 65 වන වියෙහියි පසුවූයේ. මීට දින කිහිපයකට පෙර ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කෙරුණු මංගල සමරවීර මහතා දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබුවා. මින් දින කිහිපයකට පෙර ඔහුගේ තත්වය යහපත් අතට හැරුණද අද පෙරවරුවේ හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ. 1956 අප්‍රේල් 21 වනදා

Read More »

16 – 39 අතර වික්ටෝරියා වාසීන්ට ෆයිසර් පළමු මාත්‍රාව දීම හෙට සිට

වයස අවුරුදු 16 ත් 39 ත් අතර වන වික්ටෝරියාවාසීන්ට ෆයිසර් පළමු එන්නත් මාත්‍රාව ලබාදීම හෙට එනම් 25 වන බදාදා සිට ආරම්භ කෙරේ. ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසුවේ ඔන්ලයින් ක්‍රමයට මේ වනවිටත් ලියාපදිංචි වී ඇති අය සඳහා මෙලෙස එන්නත ලබා ගත හැකි බවයි. සමස්ත ඔස්ටේ‍රලියාව පුරා 16-39 වයස් කාණ්ඩයට ෆයිසර් පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ වන්නේ ලබන 30 වනදායි. එහෙත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ දින 05 කට පෙරම එන්නත්කරණය ආරම්භ කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බව අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටී.

Read More »