Breaking: මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාධනය වී කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 65 වන වියෙහියි පසුවූයේ.

මීට දින කිහිපයකට පෙර ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කෙරුණු මංගල සමරවීර මහතා දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබුවා.

මින් දින කිහිපයකට පෙර ඔහුගේ තත්වය යහපත් අතට හැරුණද අද පෙරවරුවේ හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

1956 අප්‍රේල් 21 වනදා උපත ලැබූ මංගල සමරවීර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වනවා.

1989 වසරේදී මාතර දිස්ත්‍රික්කයෙන් පළමුවරට දේශපාලනයට පිවිසි ඔහු අනතුරුව පැවති සෑම පාර්ලිමේන්තු මැතිවරණයකටම පාහේ තරග කර පාර්ලිමේන්තු වරම් දිනාගත්තා.

තැපැල් – විදුලි සංදේශ – වරාය – ජනමාධ්‍ය – විදේශ – මුදල් ආදී කැබිනට් අමාත්‍ය ධුර රැසක්ද හෙබවු මංගල සමරවීර මහතා අවසන් වරට පැවති 2020 මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග කිරීමට නාම යෝජනා භාර දුන්නද තරග කිරීමෙන් වැළකී සිටියා.

මීට සති කිහිපයකට පෙර ඔහු නැවතත් සිවිල් සංවිධාන ව්‍යාපාරයක්ද ආරම්භ කරනු ලැබුවා.

අන්තර්ජාලය භාවිතා කරන ඔබ අයිතිවෙන්නේ කුමන කාණ්ඩයට ද බලන්න

ලොව පුරා වෙසෙන ජනතාව අතුරින් අන්තර්ජාලය භාවිත කරන පරිශීලකයින්ගේ දෛනික භාවිතයෙහි සාමාන්‍ය අගය පිළිබඳ නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

නීති විරෝධී වැඩක් කළ ලාංකිකයෙක් ඇතුලු 6ක් මෙල්බන් නුවරදී පොලිස් දැලේ පැටලෙයි

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »