Day: August 24, 2021

නත්තල් වනවිට සියලුම ප්‍රාන්ත සීමා විවෘත කරන්න : අගමැති මොරිසන් ප්‍රාන්ත අගමැතිවරුන්ට කියයි

එළඹෙන නත්තල් සමය වනවිට රටේ සියලුම ප්‍රාන්ත සීමා විවෘත කිරීමට හැකි වන පරිදි එන්නත්කරණ ඉලක්ක සපුරා ගන්නා ලෙස අගමැති ස්කොට් මොරිසන් සියලුම ප්‍රාන්ත අගමැතිවරුන්ට දැනුම් දී තිබේ. ඒ අනුව වයස අවුරුදු 80 ට වැඩි පුද්ගලයන්ට එන්නත් මාත්‍රා 02 ම ලබාදීම වේගවත් කිරීමට නියමිතයි. එන්නත්කරණය කඩිනම් කිරීම සඳහා විවිධ ප්‍රසාද දීමනා වැනි දෑ ලබාදීම සුදුසු බවයි අගමැති මොරිසන් සඳහන් කලේ. සියලු ප්‍රාන්ත සීමා විවෘත කිරීමෙන් පසු රටේ දේශ සීමා විවෘත කල හැකි වනු ඇතැයිද ඔහු කියාසිටියා.

Read More »

වික්ටෝරියා මෙන්ම නිවු සවුත් වේල්ස් ආසාධිතයන් ගණන ද පහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙන්ම නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේද ඊයේ කොවිඩ් ආසාධිතයන් ගණන පහළ ගොස් තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 755 ක් වාර්තා වී තිබේ. ආසාධිතයන් 619 දෙනෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි තවමත් අවිනිශ්චිතයි. කිසිදු කොවිඩ් මරණයක් සටහන්වී නොමැත. https://twitter.com/NSWHealth/status/1429971913477017601?s=20

Read More »

දුලබ හෘද රෝගයක් සහිත ක්වීන්ස්ලන්ඩ් බිළිඳියකට සති 03 කට පසු පැය 07 ක සැත්කමක්

දුලබ හෘද රෝගයක් සහිතව උපත ලද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බිළිඳියකට සති 03 කට පසුව සැත්කමක් කිරීමේ පුවතක් වාර්තා වේ. Mia නම් මෙම බිළිඳිය උපත ලබා ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ක්‍රියාත්මක Lockdown සමයේදීයි. ඒ අනුව ඇය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරුන් නිවසට ගෙන්වා ගැනීමද දුෂ්කර වී තිබිණ. එමෙන්ම hypoplastic left heart syndrome නම් ඉතා දුර්ලභ රෝගයෙන් පෙළෙන මෙම දැරියට අදාළ සැත්කම සිදුකිරීම සඳහා සිටිනුයේ ඒ පිළිබඳ දැනුමැති වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණක් වුවද ඔවුන් දෙදෙනාම හුදකලා කර සිටීම හමුවේ තත්වය තවත්

Read More »

ඩුබායි හිදි අනතුරට පත් ලක් කතට කෝටි 05 ක වන්දියක්

ඩුබායි සේවය කරමින් සිටියදී වෑන් රථ අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩිරාම් මිලියනයක වන්දි මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් පන් කෝටි 43 ලක්ෂයකට ආසන්න) ගෙවන්නැයි ඩුබායි අධිකරණය එම රිය අනතුර සිදු කළ ඉන්දීය ජාතිකයෙකුට නියෝග කර ඇත. මෙම වන්දි මුදල හිමි වූයේ වූයේ ඩුබායි රාජ්‍යයේ ගෘහ‌සේවිකාවක වශයෙන් සේවය කරමින් සිටියදී ආබාධිත වූ තරංගා දිල්රුක්ෂි නැමැති 45 හැවිරිදි ලාංකික කාන්තාවකට යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන ගල්ෆ් නිව්ස් පුවත්සේවය ඊයේ (24)

Read More »

වික්ටෝරියාවේ ඊයේ දින කොවිඩ් රෝගීන් ගණන​​ පහළට​!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 50 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 522 කි. ඊයේ දිනයේදී (23) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,424 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 29,810 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1429934849758924816?s=20

Read More »