ඩුබායි හිදි අනතුරට පත් ලක් කතට කෝටි 05 ක වන්දියක්

ඩුබායි සේවය කරමින් සිටියදී වෑන් රථ අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩිරාම් මිලියනයක වන්දි මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් පන් කෝටි 43 ලක්ෂයකට ආසන්න) ගෙවන්නැයි ඩුබායි අධිකරණය එම රිය අනතුර සිදු කළ ඉන්දීය ජාතිකයෙකුට නියෝග කර ඇත.

මෙම වන්දි මුදල හිමි වූයේ වූයේ ඩුබායි රාජ්‍යයේ ගෘහ‌සේවිකාවක වශයෙන් සේවය කරමින් සිටියදී ආබාධිත වූ තරංගා දිල්රුක්ෂි නැමැති 45 හැවිරිදි ලාංකික කාන්තාවකට යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන ගල්ෆ් නිව්ස් පුවත්සේවය ඊයේ (24) වාර්තා කළේය.

ඉකුත් වසරේ මැයි 24 වැනි දා ඩුබායි රාජ්‍යයේ බර් ඩුබායි පොලීස් ආසන්නයේ හරස් මාර්ගයකදී ඉන්දීය ජාතික රියැදුරෙකු නොසැලකිල්ලෙන් සිදු වූ අනතුරකින් මෙම ලාංකක ගෘහ සේවිකාව පූර්ණ අබාධිත තත්ත්වය පත්ව සිය ජීවිතය රෝද පුටුවක සීමා විය.

අනතුර හේතුවෙන් ඇයගේ තුවාල වලට හා ඉන් ඇයට සිදුවූ හානියට වන්දි ඉල්ලා තමා ඩුබායි අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවත් , වසරක කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව තමන්ට මෙම වන්දි මුදල ගෙවන ලෙසට එරට අධිකරණය අදාළ රියදුරුට නියම කළ බවද ගල්ෆ් නිව්ස් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

ලංකාවේ අඩු ආයදායම්ලාභි පවුලක තැනැත්තියක වන තරංගා දිල්රැක්ෂි මහත්මිය පූර්ණ ආබාධිත තත්ත්වය පත් වීමෙන් පසු මව්රටට පැමිණ සිටින්නීය.

ඇයට සිය සැමියා සහ වයස අවුරුදු 15 සහ 14 යන පාසල් යන දරුවන් දෙදෙනෙකු සමග අසීරුවෙන් ජීවිතය ගත කර්නීය.

ඩුබායි හි ප්‍රතිකාර ලැබූ රෝහලේ වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට ජීවිත කාලය පුරාම ආධාර සහ ඖෂධ අවශ්‍ය වන බවත් , ඇයට හැම විටම තවත් කෙනෙකුගේ ආධාරයක් නැතිව කිසිවක් කළ නොහැකි බව ඇයගේ ඩුබායි නීතීඥවරයා ගල්ෆ් නිව්ස් වෙත පවසා ඇත.

(Gulf News)

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »