16 – 39 අතර වික්ටෝරියා වාසීන්ට ෆයිසර් පළමු මාත්‍රාව දීම හෙට සිට

වයස අවුරුදු 16 ත් 39 ත් අතර වන වික්ටෝරියාවාසීන්ට ෆයිසර් පළමු එන්නත් මාත්‍රාව ලබාදීම හෙට එනම් 25 වන බදාදා සිට ආරම්භ කෙරේ.

ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසුවේ ඔන්ලයින් ක්‍රමයට මේ වනවිටත් ලියාපදිංචි වී ඇති අය සඳහා මෙලෙස එන්නත ලබා ගත හැකි බවයි.

සමස්ත ඔස්ටේ‍රලියාව පුරා 16-39 වයස් කාණ්ඩයට ෆයිසර් පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ වන්නේ ලබන 30 වනදායි.

එහෙත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ දින 05 කට පෙරම එන්නත්කරණය ආරම්භ කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බව අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටී.

මේ අනුව මීට පෙර ඇස්ට්‍රා-සෙනකා එන්නත සඳහා ලියාපදිංචි වූ වික්ටෝරියා ප්‍රාන්තයේ 16-39 වයස් කාණ්ඩයේ පුද්ගලයන්ටද අවශ්‍ය නම් ෆයිසර් එන්නත ලබාගත හැකිය.

සතිපතා ෆයිසර් මාත්‍රා මිලියනයක් බැගින් පෝලන්තයෙන් ගෙන්වා ගැනීමට අගමැති ස්කොට් මොරිසන් පසුගියදා සමත්විය.

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »