Search

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

ඒ අනුව යුරෝපය තුළ වැක්සේවයිරා (Vaxzevria) නොහොත් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අලෙවිකරණ අවසරය ඉවත් කර ගැනීමට සමාගම කටයුතු කරන බවයි පවසා ඇත්තේ.

විවිධ COVID-19 එන්නත් නිපදවා ඇති බැවින් වැඩි දියුණු කළ එන්නත්වල අතිරික්තයක් ඇති බව සමාගම පවසනවා.

මේ නිසා තවදුරටත් AstraZeneca එන්නත් නිෂ්පාදනය හෝ සැපයීම සිදු නොකරන අතර එන්නත සඳහා ඇති ඉල්ලුම ද පහත වැටී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

AstraZeneca ඖෂධ නිෂ්පාදන සමාගම එන්නතට විරුද්ධව පැවති නඩුවකදී වැක්සේවයිරා එන්නත රුධිර කැටි ගැසීම් සහ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම වැනි අතුරු ආබාධ ඇති කරන බව පිළිගෙන තිබුණා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »