Search

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

නගර සභා බලධාරීන් තරුණ අපරාධවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා තවත් කැමරා 240ක් සවි කර ඇති අතර හඳුනා ගත් වැරදි සම්බන්ධයෙන් CCTV දර්ශන ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

CCTV කැමරා දර්ශන ඔස්සේ හඳුනා ගත් වඩාත් සුලභ සිදුවීම් අතර අවිනීත හැසිරීම, මත්පැන් වැරදි, පහරදීම් සහ සොරකම් වනවා.

කවුන්සිලයේ කැමරා 3,500ක් පැය 24 පුරාම අපරාධ වැළැක්වීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට සහය වීමට කටයුතු කරමින් සිටිනවා.

කිසියම් නීති විරෝධී සිදුවීමකදී නිරීක්ෂක නිලධාරීන්ට අදාළ කැමරාව සෘජුවම පාලනය කළ හැකි අතර දර්ශන විශාල කර නැරඹීමේ හැකියාව ද පවතිනවා.

ක්වීන්ස්ලන්ඩ් පොලිස් සේවයේ බ්‍රිස්බේන් දිස්ත්‍රික් වැඩබලන අධිකාරී ජෝන් කෙන්ට් පැවසුවේ සීසීටීවී කැමරා පවතින බව දැන ගැනීම හේතුවෙන් මිනිසුන් වැරදි කිරීමට ඇති ඉඩකඩ අඩු බවයි.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »