ලොව වඩාත් අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත්

ලොව වඩාත් අලංකාරම රටවල් 20 පිළිබඳ නවතම වාර්තාවක් ටයිම් අවුට් සඟරාව විසින් නිකුත් කර තිබෙනවා.

මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ සංචාරකයන්ට මග පෙන්වනු ලබන සමාගමක් වන රෆ් ගයිඩ්ස් විසිනුයි මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ.

එම ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්තය ලොව වඩාත් අලංකාරතම රට ලෙසයි නම් කර තිබෙනවා.

ස්වභාවික පිහිටීම, රටේ සංස්කෘතිය, කලා අංග යන නිර්ණායක මත පදනම්ව නවසීලන්තය ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ඉතාලියට හිමිවන්නේ එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයයි.

තෙවන ස්ථානයට නම් කර ඇත්තේ කැනඩාව වන අතර ලොව වඩාත් අලංකාර රටවල් අතර ස්විස්ට්සර්ලන්තයට හිමිවන්නේ 4 වන ස්ථානයයි.

ඔස්ට්‍රේලියාව ද ලොව අලංකාරම රටවල් අතර 8 වන ස්ථානයට පත්වී තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ අදාළ ශ්‍රේණිගත කිරීමේ ඇති එකම දකුණු ආසියාතික රට ඉන්දියාව වීමයි.

ඒ අනුව ලොව අලංකාර රටවල් ලෙස රෆ් ගයිඩ්ස් නිර්දේශයන්ට අනුව ඉන්දියාව පසුවන්නේ 16 වන ස්ථානයට පත්ව ඇති අතර ජපානය එහි 20 වන ස්ථානයට නම්කර තිබෙනවා.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »