Mask නැති උද්ඝෝෂකයන් නිසා මෙල්බර්න් කොවිඩ් ආසාධිතයන් වැඩිවනු ඇතැයි රතු එළියක්

Lockdown විරෝධී උද්ඝෝෂණ සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගීවීම හමුවේ මෙල්බර්න් නගරයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට වික්ටෝරියා සෞඛ්‍ය අංශ අනතුරු අගවා සිටී.

විරෝධතාකරුවන් බොහෝ පිරිසක් මුව ආවරණ නොමැතිව සිටීම ඊට ප්‍රධාන හේතුවයි.

මෙම පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා යටතේ දඩ නියම කරන බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ.

මෙල්බර්න් නගරයේ පැවති Lockdown විරෝධී උද්ඝෝෂණයට සහභාගීවු පිරිසෙන් 218 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී නියම කර ඇති දඩ ප්‍රමාණය ඩොලර් මිලියන 1.1 කට අධික බව සඳහන්.

උද්ඝෝෂණයට පැමිණි පිරිස 4000 ඉක්මවා ඇතැයි වික්ටෝරියා පොලිස් වාර්තා කියයි.

පොලිස් නිළධාරීන්ට පහරදුන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »