Day: August 22, 2021

MELBOURNE VICTORIA

Flinders Street හි ස්ථාන රැසක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Flinders Street හි ස්ථාන රැසක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. නිවාස සංකීර්ණ ඇතුලු ස්ථාන ඒ අතර වෙයි. එම ස්ථාන සහ මෙල්බර්න් නගරයේ නවතම කොවිඩ් අවධානම් ලැයිස්තුව පහතින් : https://www.coronavirus.vic.gov.au/exposure-sites

Read More »

“කොවිඩ් ආසාධිතයන් “0” වන දිනය ගැන සිතා ගැනීමට අසීරුයි”

කොවිඩ් ආසාධිතයන් කිසිවෙකුත් වාර්තා නොවන දිනයක් ගැන සිතා ගැනීමට අසීරු බව අගමැති ස්කොට් මොරිසන් පවසයි. එසේ වුවද සදාකාලිකව Lockdown තත්වයක රට පවත්වාගෙන යා නොහැකි බවද ඔහු අවධාරණය කර සිටී. වසංගතයෙන් ගොඩ ඒම සඳහා ඇති එකම විකල්පය එන්නත්කරණය පමණක් බව අගමැතිවරයා සඳහන් කලා. කෙසේවෙතත් ඊයේ දිනය වනතුරුත් වයස අවුරුදු 16 ට වැඩි ඔස්ටේ්‍රලියානුවන්ගෙන් මාත්‍රා 02 ම ලබාගෙන තිබුණේ සියයට 30 ක පිරිසක් පමණි. ෆෙඩරල් රජයේ සැළසුම වන්නේ සතියකට එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක ඉලක්කයකට හැකි ඉක්මණින්

Read More »

ලාංකිකයන්ට Credit / debit කාඩ් භාවිතය තහනම් කලාද ? ඇත්තම කථාව මෙන්න

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ක්‍රෙඩිට් කාඩ්පත්, ඩෙබිට් කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳ කිසිදු නව සීමාවක් පණවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනවා. එවැනි කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිත කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක් / තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල නිවේදනයකයි මේ බව දැක්වෙන්නේ. එම කාඩ්පත් හිමියන්ට

Read More »

NSW කොවිඩ් වාර්තාව යළි අලුත් වෙයි – ඊයේ ආසාධිතයන් 830 ක්

ඔස්ටේ්‍රලියාවෙන් මේ දක්වා එක් දිනයකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වාර්තාව නැවතත් අලුත් කරමින් ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 830 ක් වාර්තා වී තිබේ. සිඩ්නි නගරයෙන් ඊයේ කොවිඩ් මරණ 03 ක් ද වාර්තා විය. මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 127 දක්වා වැඩි වේ. https://twitter.com/NSWHealth/status/1429247339303116800?s=20

Read More »

වික්ටෝරියා ප්‍රජාව අතරින් තවත් ආසාදිතයින් 65 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 65 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 440 කි. ඊයේ දිනයේදී (21) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 44,147 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 26,149 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1429219078137290753?s=20

Read More »