“කොවිඩ් ආසාධිතයන් “0” වන දිනය ගැන සිතා ගැනීමට අසීරුයි”

කොවිඩ් ආසාධිතයන් කිසිවෙකුත් වාර්තා නොවන දිනයක් ගැන සිතා ගැනීමට අසීරු බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.

එසේ වුවද සදාකාලිකව Lockdown තත්වයක රට පවත්වාගෙන යා නොහැකි බවද ඔහු අවධාරණය කර සිටී.

වසංගතයෙන් ගොඩ ඒම සඳහා ඇති එකම විකල්පය එන්නත්කරණය පමණක් බව අගමැතිවරයා සඳහන් කලා.

කෙසේවෙතත් ඊයේ දිනය වනතුරුත් වයස අවුරුදු 16 ට වැඩි ඔස්ටේ්‍රලියානුවන්ගෙන් මාත්‍රා 02 ම ලබාගෙන තිබුණේ සියයට 30 ක පිරිසක් පමණි.

ෆෙඩරල් රජයේ සැළසුම වන්නේ සතියකට එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක ඉලක්කයකට හැකි ඉක්මණින් යාමයි.

පලස්තීනයේ ඉල්ලීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ඡන්දය ලබාදෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීන රාජ්‍යයට නව අයිතීන් ලබා දීමට සහ සාමාජිකත්වය ස්ථිර කිරීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී ඔස්ට්‍රේලියාව පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

Read More »

ෆෙඩරල් රජයේ අයවැය ගැන අලුත් බලාපොරොත්තුවක්

ෆෙඩරල් රජය ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් නව නිවාස ඉදිකිරීම සඳහා අතිරේක ආයෝජනයක් ලෙස ඩොලර් බිලියන ගණනක් ලබා දෙනු ඇති බවට වාර්තා වනවා.

Read More »

මීයන්ගේ සිරුරු කොටස් නිසා ජනප්‍රිය ආහාර කාණ්ඩයක් නැවත කැඳවයි

ජපානයේ ප්‍රධාන ආහාර සැපයුම් සමාගමක රොටි කිහිපයක තිබී මීයන්ගේ සිරුරු කොටස් හමුවීම හේතුවෙන් ජනප්‍රිය වෙළඳ නාමයක පෙති කපන ලද සුදු පාන් පැකට් 100,000 කට වඩා නැවත කැඳවා තිබෙනවා.

Read More »