අනවසරයෙන් පැමිණි සරණාගතයින් බවට සැක කෙරෙන 33 දෙනෙකු රැගත් බෝට්ටුවක් ඔස්ට්‍රේලියානු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයහපත් කාලගුණය හමුවේ සංක්‍රමණික යාත්‍රාව විනාශ වීමත් සමඟ බ්‍රහස්පතින්දා අලුයම මෙම සිදුවීම අනාවරණය වී ඇති බව සඳහන්.
යාත්‍රාවේ පැමිණි 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මුලින්ම ක්‍රිස්මස් දූපතට රැගෙන ගිය ද පසුව වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇති බවයි පැවසෙන්නේ.
මෙම සංක්‍රමණිකයන්ගේ අනන්‍යතාවක් හෝ ඔවුන් පැමිණී රටක් සම්බන්ධයෙන් වෙරළාරක්ෂක බලකාය මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ කර නැහැ.
ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ නෙයිල් (Clare O’Neil) ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ ආරක්ෂක හේතූන් මත මෙම මෙහෙයුමට අදාළ කරුණු තහවුරු කිරීම හෝ අදහස් දැක්වීමක් සිදු නොකරන බවයි.
පසුගිය පෙබරවාරි මාසයේදී ද සරණාගතයින් පිරිසක් බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයට පැමිණ සිටියදී ආරක්ෂක අංශ භාරයට ගත් අතර ඔවුන් නාවුරු සරණාගත කඳවුර වෙත මාරු කර තිබුණා.