පර්ත් ඇතුලු වෙරළ තීරවල මෝරුන් හමුවීමේ ප්‍රතිශතය ඉහළට

බටහිර ඔස්ට්‍රේලියා වෙරළ තීරයේ මෙම වසර තුළ මෝරුන් හමුවීමේ ප්‍රතිශතය 60% කින් ඉහළ ගොස් ඇති බව ජීවිතාරක්ෂක කණ්ඩායම් පවසනවා.

ග්‍රීෂ්ම සමය අප්‍රේල් 30 වැනිදාන් අවසන් වීමෙන් පසු ගත වූ කාලය තුළ අවස්ථා 430කට වැඩි ගණනකදී මෝරුන් දුටු බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

එහි දක්නට ලැබුණු මෝරුන් සංඛ්‍යාවේ සියයට 185ක වැඩිවීමක් සටහන් වී තිබෙනවා.

මෙලෙස මෝරුන් හමුවීම හේතුවෙන් ප්‍රාන්තයේ වෙරළ තීරය ද පසුගිය 2023 වසරට වඩා සියයට 70කින් වසා දැමීමට ද සිදුවී තිබුණා.

පර්ත් සැන්ඩ්ලන්ඩ් දූපත ආසන්නයේදී කාන්තාවක් මුහුණ දුන් මෝර ප්‍රහාරය ද ඇතුලුව මෙම වසරේ බටහිර ඔස්ට්‍රේලියාවේ මෝර ප්‍රහාර කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.

වෙරළ තීරයේ මහජන වෙරළ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක සේවාව කෙතරම් වැදගත්ද යන්න මෙම සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කෙරෙන බවයි සර්ෆ් ලයිෆ් සේවින්ග් ඔස්ට්‍රේලියා හි සාමාන්‍යාධිකාරී ක්‍රිස් පෙක් කියාසිටියේ.

මෝරුන් බහුලව ගැවසෙන ස්ථාන සොයා ගැනීමට සහ සලකුණු කිරීමට, රජය විසින් අරමුදල් සපයන වෙස්ට් පැක් ලයිෆ් සේවර් හෙලිකොප්ටරය මුර සංචාර 740ක් සිදු කර තිබෙනවා.

ප්‍රාන්ත රජය මෝර ප්‍රහාර අවම කිරීමේ වැඩසටහන සඳහා අරමුදල් ප්‍රකාශයට පත් කරන ලද අතර වෙස්ට්පැක් ලයිෆ් සේවර් හෙලිකොප්ටරයට ද ඩොලර් මිලියන 12ක මුදලක් වෙන් කර තිබුණා.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »