Search

වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක තවත් පිහි ඇනුමක්

පර්ත් හි වෙස්ට්ෆීල්ඩ් කැරූසල් වෙළඳ මධ්‍යස්ථානයේ පිහි ඇනුමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ පස්වරු 3:30ට පමණ පුද්ගලයන් තිදෙනෙකු අතර ඇති වූ ආරවුලක් අතර මෙම පිහි ඇනුම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රහාරයෙන් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති අතර සැකකරුවන් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ මහජනතාවට තර්ජනයක් හෝ අනතුරු ඇඟවීමට හේතුවක් නොමැති බවයි.

සිඩ්නිහි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයේදී ජොයෙල් කවුචි නම් පුද්ගලයෙකු විසින් කාන්තාවන් ඇතුලු හය දෙනෙකුට පිහියෙන් ඇන ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීමෙන් මාසයකට පමණ පසු මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියා පොලිසිය පැවසුවේ ඊයේ වාර්තා වූ මෙම සිදුවීමෙන් ජනතාව කම්පනයට පත්වී ඇති අතර සැකකරුවන් සොයා අඛණ්ඩව විමර්ශන සිදු කරන බවයි.

වෙස්ට්ෆීල්ඩ් කැරූසල් වෙළඳ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ පර්ත් සිට කිලෝමීටර් 12ක් පමණ දකුණින් වන අතර එය අගනගරයේ විශාලතම සාප්පු මධ්‍යස්ථානයක් ලෙසටයි සැලකෙන්නේ.

සංක්‍රමණිකයන් නිසා වෙනස් වූ ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගැන අලුත් වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහන වර්ධනය වාර්තා වන ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව බවට නව සංඛ්‍යාලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »