මෙල්බර්න් රිය අනතුරකින් 10 ශ්‍රේණියේ දරුවෙකු මරුට – Dandenong පදිංචි අයෙකු අත්අඩංගුවට

මෙල්බර්න් ගිණිකොණ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් Mentone Grammar පාසලේ ඉගෙනුම ලබන 10 ශ්‍රේණියේ දරුවෙකු මියගොස් තිබේ.

Nepean Highway හි වැරදි දිශාවට ධාවනය වූ මෝටර් රථයක් රියදුරාට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැණ අසල තිබූ වෙළඳ සංකීර්ණයකට කඩා වැදීමෙන් අනතුර සිදුවිය.

සිද්ධිය සම්බන්ධයෙන් Dandenong හි පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වික්ටෝරියා පොලිසිය පැවසීය.

මෙහිදී මියගොස් ඇත්තේ Lachlan McLaren නම් 16 හැවිරිදි තරුණයෙකු වන අතර තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇත.

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »