Day: August 17, 2021

ඩෙල්ටා විකෘති ප්‍රභේද 03 ක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනේ

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ් බව හෙළි කළේය. ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඇතැම් විට කොවිඩ් රෝගය පැතිර යෑම ඉහළ යෑමට එම විකෘති ප්‍රභේද හේතුවක් විය හැකි

Read More »

Update: එක් ආසාධිතයෙකු හමුවී සමස්ත නවසීලන්තයම දින 03 කට Lockdown

ඕක්ලන්ඩ් නගරයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු හමුවීමත් සමග සමස්ත නවසීලන්තයම දින 03 කට Lockdown කර තිබේ. නවසීලන්තයෙන් මාස 06 කට පසු සමාජ සම්ප්‍රේෂණයකින් කොවිඩ් ආසාධිතයෙකු හමුවූ පළමු අවස්තාව මෙයයි. පෙර පුවත : නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් ආසාදිතයෙක් – හදිසි Lockdown කිරීමක් ???

Read More »

PHOTOS : ලංකාවේ පුද්ගලික බස් සිහි ගන්වන ඇෆ්ඝනිස්ථානයේ ගුවන් යානා

තලෙයිබාන් සටන්කාමින් විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පාලනය සිය යටතට ගැනීමත් සමග මේ වන විට එරට ප්‍රධාන ගුවන් තොටුපොළ තුල දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ගෙන තිබෙනවා. මේ වන විට රටින් පළා යාමට උත්සාහ කරනු ලබන ඇෆ්ගනිස්ථාන වැසියන් නිසා අමෙරිකාව, එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක විදෙස් රාජතාන්ත්‍රික සේවයේ නියුතු නිලධාරීන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් වලට ද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. මේ අතර කාබුල් ගුවන් තොටුපොළේ සිට ගුවන් ගතවූ ගුවන් යානයක ටයරක් තුල එල්ලී ගමන් කිරීමට උත්සාහ කළ තරුණයින් තිදෙනෙකු

Read More »

වැඩියෙන් කොවිඩ් පරීක්ෂණ කරගන්නා ලෙස වික්ටෝරියා අගමැති ඉල්ලයි

වැඩිපුර කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙස විශේෂයෙන් Port Phillip සහ Bayside ඇතුළු St Kilda කලාපයේ උප නගර වල වැසියන්ගෙන් මෙන්ම අනෙකුත් මෙල්බර්න් වැසියන්ගෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඉල්ලා සිටියි. ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 24 ක් හමුවී තිබේ. ඒ සියලු ආසාදිතයින්ගෙන් 03 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත. එමෙන්ම අදාළ ආසාදිතයින් 24 දෙනාගෙන් 10 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.

Read More »

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් ආසාදිතයෙක් – හදිසි Lockdown කිරීමක් ???

දීර්ඝ කාලයකට පසු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සමාජයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවී තිබෙනවා. පෙර ආසාධිතයන් සහ මෙම තැනැත්තා අතර කිසිදු සබඳතාවයක් නොමැති අතර ඔහුට වෛරසය වැළඳුණු ආකාරය සොයා මේ වනවිට විමර්ශන ආරම්භවී ඇති බව සඳහන්. කිසියම් අයුරකින් ප්‍රමාණවත් දත්ත නොලදහොත් ක්ෂණික සංචරණ සීමා තත්වයකට යාමේ අවධානමක්ද ඇතැයි නවසීලන්ත බළධාරීන් සඳහන් කලා. නවසීලන්ත කැබිනට් මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක්ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

Read More »