වැඩිපුර කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙස විශේෂයෙන් Port Phillip සහ Bayside ඇතුළු St Kilda කලාපයේ උප නගර වල වැසියන්ගෙන් මෙන්ම අනෙකුත් මෙල්බර්න් වැසියන්ගෙන් වික්ටෝරියානු ප්රාන්ත අගමැති Daniel Andrews ඉල්ලා සිටියි.
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 24 ක් හමුවී තිබේ.
ඒ සියලු ආසාදිතයින්ගෙන් 03 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත.
එමෙන්ම අදාළ ආසාදිතයින් 24 දෙනාගෙන් 10 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්රජාව තුළ සිටි බවද වාර්තා වේ.