Day: August 17, 2021

මංගලට අසාධ්‍යයි – ICU හි ප්‍රතිකාර

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිරගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඔහු කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී. රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසන අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. හිටපු අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ  12 දා කළ පී.සී.ආර් පරීක්ෂණයකදීය. සමරවීර මහතාට කොරෝනා ආසාදනයවී ඇතැයි

Read More »

කැන්බරා හි Lockdown තත්වය සැප්තැම්බර් 02 දක්වා දීර්ඝ කරයි

ගතවූ පැය 24 තුළ කැන්බරා නගරය අයත් ACT ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 17 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ ඊයේ දිනය තුළ සිදුකල පරීක්ෂණ 7300 කට ආසන්න සංඛ්‍යාවකිනි. මේ අනුව දැනට කැන්බරා නගරයේ සිටින සක්‍රීය ආසාධිතයන් ගණන 45 කි. කෙසේවෙතත් ඔවුන් කිසිවෙකුත් රෝහල්වල ප්‍රතිකාර නොලබන අතර සියලු දෙනා නිවාසවල ප්‍රතිකාර ලබමින් සිටී. මේ අතර අනිද්දා දිනයෙන් අවසන්වීමට නියමිත වූ ACT හි Lockdown තත්වය ද ලබන සැප්තැම්බර් 02 වනදා දක්වා දීර්ඝ කර ඇත.

Read More »

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 454 ක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 454 දෙනෙකු හඳුනාගෙන තිබේ. ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 01 ක් සටහන්වී ඇත. මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 113 දක්වා වැඩි වේ. https://twitter.com/NSWHealth/status/1427435208530305032?s=20

Read More »
covid

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රජාව අතරින් ආසාදිතයින් 24 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 24 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 227 කි. ඊයේ දිනයේදී (16) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 31,519 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 25,742 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1427399509328334849?s=20

Read More »

‘මිනිස්සු මැස්සො වගෙ මැරෙනවා’ කියු දොස්තරගෙන් CID ය ප‍්‍රශ්න කරයි

තම සමාජ ජාල ගිණුම් ඒ තැබූ සටහනක් සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ තමන් ගෙන් ප්‍රශ්න කළ බව අවිස්සාවේල රෝහලේ වෛද්‍යවරයෙකු වන නජිත් ඉන්දික මහතා සඳහන් කරයි. තමන් සේවය කරන රෝහලේ කොරෝනා වාට්ටුවේ තත්ත්වය පිළිබඳව සමාජ ජාල ගිණුමේ තැබූ සටහනක් ගැන ඔවුන් එහිදී ප්‍රශ්න කළ බවත් වෛද්‍යවරයා කියා සිටියි. ඔහු විසින් ඒ පිළිබඳව තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය. ………………………………………………………………. පෙරේදා හවස මම මේ වෙනකොට තියෙන කොරෝනා තත්වය ගැන ලිපියක් ලියල මේකෙ දැම්මෙ ඒ වෙලාවෙ දැනෙමින්

Read More »