කැන්බරා හි Lockdown තත්වය සැප්තැම්බර් 02 දක්වා දීර්ඝ කරයි

ගතවූ පැය 24 තුළ කැන්බරා නගරය අයත් ACT ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 17 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ ඊයේ දිනය තුළ සිදුකල පරීක්ෂණ 7300 කට ආසන්න සංඛ්‍යාවකිනි.

මේ අනුව දැනට කැන්බරා නගරයේ සිටින සක්‍රීය ආසාධිතයන් ගණන 45 කි.

කෙසේවෙතත් ඔවුන් කිසිවෙකුත් රෝහල්වල ප්‍රතිකාර නොලබන අතර සියලු දෙනා නිවාසවල ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර අනිද්දා දිනයෙන් අවසන්වීමට නියමිත වූ ACT හි Lockdown තත්වය ද ලබන සැප්තැම්බර් 02 වනදා දක්වා දීර්ඝ කර ඇත.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »