කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිරගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඔහු කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.
රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසන අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
හිටපු අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ 12 දා කළ පී.සී.ආර් පරීක්ෂණයකදීය.
සමරවීර මහතාට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවීමෙන් පසුව ඔහුගේ නිවසේ කාර්ය මණ්ඩලයද නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.