කුරුල්ලෙකු නිසා Brisbane නුවර උද්‍යානයකදී මාස 05 ක බිළිඳියක මිය යයි

බ්‍රිස්බන් නුවර Holland Park West හි Glindemann උද්‍යානයේදී magpie වර්ගයේ පක්ෂියෙකු කල පහරදීමක් වළක්වාලීමට යාමේදී මව සමග සිටි මාස 05 ක් වයසැති බිළිඳියක මියගොස් තිබේ.

අදාළ කාන්තාව බිළිඳියද සමග උද්‍යානයේ සිට ඇති අතර magpie වර්ගයේ පක්ෂියෙකු වේගයෙන් එම ස්ථානයට ළගා වී ඇත.

එය වළක්වාලීමට මව උත්සාහ කර ඇති අතර එහිදී ඇය බිළිඳියද සමග ඇදවැටීමකට ලක්වීමෙන් බිළිඳිය මවගේ දෑතට සිරවී මියගොස් ඇති බවයි මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම සිදුවීමත් සමග උද්‍යානයේ සිටි සියලුම magpie වර්ගයේ පක්ෂීන් ඉවත් කිරීමට වන ජීවී ආරක්ෂකයන් පියවර ගෙන ඇත.

ජූලි සිට දෙසැම්බර් දක්වා කාලය සැලකෙන්නේ magpie පක්ෂීන් බිත්තර රකින සමය ලෙසයි.

Pic – Yahoo

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »