Federation Square වැසිකිළියකදී තරුණියන් දෙදෙනෙකුට ලිංගික හිංසන

මෙල්බර්න් Federation Square හි වැසිකිළියක් තුළදී තරුණියන් දෙදෙනෙකුට ලිංගික හිංසන කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භවී තිබේ.

මැයි 05 වනදා පස්වරු 02 ට පමණ මෙම අතවරයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි තරුණියන් දෙදෙනෙකි.

Swanston Street හිදී අවන්හලකදී හමුවූ පුද්ගලයෙකු මෙම ක්‍රියාවට සම්බන්ධ අතර ඔහුගේ ඡායාරූපයක්ද මේ වනවිට මාධ්‍යයට නිකුත් කර ඇත.

20 හැවිරිදි ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසටද වික්ටෝරියා පොලිසිය ඉල්ලා සිටී.

 

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »