Day: August 4, 2021

සංගක්කාර ‘බාබඩෝස් රෝයල්’ අධ්‍යක්ෂ ධුරයට

ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියක් වන කැරිබියන් ප්‍රීමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම කණ්ඩායමක් වන ‘බාබඩෝස් රෝයල්’ කණඩායමේ ක්‍රිකට් අධ්‍යක්‍ෂ ධූරයට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ. ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි20 ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් පිලේ ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙස ද සංගක්කාර මීට පෙර කටයුතු කළේය. මෙම කණ්ඩායම් දෙකම ලොව ප්‍රචලිත රෝයල් ස්පෝට්ස් සමූහයට අයිතිය හිමිය.

Read More »

ඔලිම්පික් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැසිරිම ගැන දැඩි විවේච්චන

ඔලිම්පික් තරගාවලියට පැමිණි ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැසිරිම සම්බන්ධයෙන් දැඩි විවේච්චන එල්ල වී තිබෙනවා. ඔවුන් නවාතැන් ගෙන සිටි ඔලිම්පික් ගම්මානයේ කාමරවල තිබූ ඇඳන් ඇතුලු දේපළ රැසකට අලාභාහානි කර ඇති බවයි ජපාන වාර්තා සඳහන් කලේ. එමෙන්ම ඇතැමුන් යළි ඔස්ටේ්‍රලියාව දක්වා පැමිණි ගුවන් යානයේදී බීමත්ව කළහකාරීව හැසිරුණු බවටද චෝදනා එල්ල වනවා. කෙසේවෙතත් මොවුන්ට එරෙහිව කිසිදු විනය පියවරක් නොගන්නා බවයි ඔස්ටේ්‍රලියා ඔලිම්පික් කමිටුව සඳහන් කරන්නේ. මේ වනවිට පදක්කම් සටහනේ 04 වන ස්ථානයේ පසුවන ඔස්ටේ්‍රලියාව රන් 15 ක් – රිදී

Read More »

Federation Square වැසිකිළියකදී තරුණියන් දෙදෙනෙකුට ලිංගික හිංසන

මෙල්බර්න් Federation Square හි වැසිකිළියක් තුළදී තරුණියන් දෙදෙනෙකුට ලිංගික හිංසන කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භවී තිබේ. මැයි 05 වනදා පස්වරු 02 ට පමණ මෙම අතවරයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි තරුණියන් දෙදෙනෙකි. Swanston Street හිදී අවන්හලකදී හමුවූ පුද්ගලයෙකු මෙම ක්‍රියාවට සම්බන්ධ අතර ඔහුගේ ඡායාරූපයක්ද මේ වනවිට මාධ්‍යයට නිකුත් කර ඇත. 20 හැවිරිදි ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසටද වික්ටෝරියා පොලිසිය ඉල්ලා සිටී.  

Read More »

බ්‍රිස්බේන් Ekka පොදු නිවාඩු දිනය අවලංගුයි

මේ සති අන්තයේදී ආරම්භ වීමට තිබූ බ්‍රිස්බේන් නුවර Ekka  පොදු නිවාඩු දිනය මේ වන විට අවලංගු කර ඇත. එය මේ වසර අවසානයට කල් දමා තිබේ. ප්‍රජාව තුළ කාලය ගත කිරීම වෙනුවට online සාප්පු සවාරි යාම හෝ භාණ්ඩ මිලදී ගැනීම් ප්‍රමාද කිරීම ගැන සලකා බලන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි Jeannette Young ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි. ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 17 ක් හමුවී තිබෙන අතර එයින් ආසාදිතයින් 16 ක් දැනට

Read More »

VIDEO : පොලිස් නිළ සුනඛයන්ගෙන් මදුරු කීටයන් හඳුනාගැනීමේ අලුත් වැඩක්

මදුරු කීටයින් සහිත ජලය රැදී පවතින ස්ථාන නිවැරැදිව හදුනාගැනීම සදහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පොලිස් නිළ සුනඛයින් යොදාගනිමින් සිදුකල අත්හදා බැලීමක් සාර්ථක වී තිබෙනවා. මහනුවර පොලිස් නිළ සුනඛ ඒකකයේ සිටින සුනඛයින් දෙදෙනෙකු මේ වනවිටත් එම පුහුණුව සාර්ථකව අවසන් කර ඇති බවයි පොලීසිය සඳහන් කලේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ පාරිසරික පොලිස් නිළධාරීන් විසින් ඉදිරියේදී සිදුකරන මෙහෙයුම් සදහා මෙම සුනඛයින්ගේ සහය ලබාගැනීමට ද නියමිත බවයි.

Read More »