ඔලිම්පික් තරගාවලියට පැමිණි ඔස්ටේ්රලියානු ක්රීඩක ක්රීඩිකාවන්ගේ හැසිරිම සම්බන්ධයෙන් දැඩි විවේච්චන එල්ල වී තිබෙනවා.
ඔවුන් නවාතැන් ගෙන සිටි ඔලිම්පික් ගම්මානයේ කාමරවල තිබූ ඇඳන් ඇතුලු දේපළ රැසකට අලාභාහානි කර ඇති බවයි ජපාන වාර්තා සඳහන් කලේ.
එමෙන්ම ඇතැමුන් යළි ඔස්ටේ්රලියාව දක්වා පැමිණි ගුවන් යානයේදී බීමත්ව කළහකාරීව හැසිරුණු බවටද චෝදනා එල්ල වනවා.
කෙසේවෙතත් මොවුන්ට එරෙහිව කිසිදු විනය පියවරක් නොගන්නා බවයි ඔස්ටේ්රලියා ඔලිම්පික් කමිටුව සඳහන් කරන්නේ.
මේ වනවිට පදක්කම් සටහනේ 04 වන ස්ථානයේ පසුවන ඔස්ටේ්රලියාව රන් 15 ක් – රිදී 04 ක් සහ ලෝකඩ 16 ක් දිනාගෙන තිබෙනවා.