Day: August 4, 2021

සිඩ්නි කොවිඩ් ආසාධිත 20 හැවිරිදි තරුණයෙකු මරුට / ගතවූ පැය 24 තුළ ආසාධිතයන් 233 ක්

සිඩ්නි නගරයේ කොවිඩ් ආසාධිතව සිටි 20 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ. ඔහු කොවිඩ් ආසාධිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු බවයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ සඳහන් කලේ. ගතවූ පැය 24 තුළදී NSW ප්‍රාන්තයෙන් ආසාධිතයන් 233 දෙනෙකු සහ මරණ 02 ක් සටහන්වී ඇත. https://twitter.com/NSWHealth/status/1422726071590408193?s=20

Read More »

දින කිහිපයකට පසු වික්ටෝරියාවෙන් ඊයේ කිසිදු ආසාධිතයෙකු නෑ / QLD 17 යි

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු ආසාධිතයෙකු හමුවී නොමැත. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 99 කි. ඊයේ දිනයේදී (03) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 30,117 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,612 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1422682298701516804?s=20 මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ ආසාධිතයන් 17 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව වර්තමාන ඩෙල්ටා පොකුරේ ආසාධිතයන් ගණන 64 දක්වා ඉහළ යයි.

Read More »

Lockdown හමුවේ වික්ටෝරියා වාසීන් වැඩිපුර බීමෙන් රෝහල්ගත කිරීම් ඉහළට

Lockdown තත්වය පැවතීම හමුවේ පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තවාසීන් දහස් ගණනක් ආතතිය දුරු කර ගැනීමට අධිකව මත්පැන් භාවිතයට පෙළඹී ඇතැයි නවතම වාර්තාවක් හෙළි කරයි. Ambulance Victoria විසින් නිකුත් කල නවතම වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ. ඒ අනුව ඇල්කොහොල් අධි භාවිතය හමුවේ ගිලන් රථ ගෙන්වා ගැනීම් සියයට 60 සිට 81 දක්වා ඉහළ ගොස් තිබේ. මින් වැඩිම පිරිස වයස අවුරුදු 30 සීමාවේ සිටින කාන්තාවන් වන අතර ඔවුන් රෝහල්ගත කිරීම සියයට 45 කින් පමණ වැඩිවී ඇත. පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තවාසීන්

Read More »

ඇමති මහින්දානන්දට කොවිඩ්

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකිනි. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් නිවේදනය කර සිටිනවා. කෙසේවෙතත් අද (04) දිනයේදී ඔහු PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Read More »