ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 03 යි

අඛණ්ඩව 06 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරමින් ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් 03 ක් පමණක් සටහන්වී ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනා හුදකලාව සිටි අය බවයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 200 කි.

ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 43,542 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 19,136 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1420875929304256512?s=20

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »