Day: July 30, 2021

විදේශයන් හි සිටින ඔස්ටේ්‍රලියානුවන් යළි ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල නැවතත්

විදේශයන් හි සිටින ඔස්ටේ්‍රලියානුවන් යළි ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉන්දුනීසියාවේ බාලි නුවර සිරවී සිටින 780 දෙනෙකු පළමු අධියර යටතේ ලබන මාසයේදි ගෙන්වා ගැනීමට නියමිතය. රජයේ වාර්තා අනුව 38,000 කට අධික පිරිසක් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නොහැකිව රටවල් රැසක සිරවී සිටිති. මේ අතර ලබන මාසයේදී ඉන්දියාවේ සිට ගුවන් යානා 06 ක් – ලන්ඩන් සිට 06 ක් – ජර්මනියේ සිට 01 ක් – දකුණු අප්‍රිකාවේ සිට 01 ක් ලෙස Howard Springs දක්වා

Read More »

එන්නත්කරණ අභියෝගය ජයගැනීම සඳහා සිව් වැදෑරුම් වැඩපිළිවෙලකට අනුමැතිය

එන්නත්කරණ අභියෝගය ජයගැනීම සඳහා අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික කැබිනට් රැස්විමේදී සිව් වැදෑරුම් වැඩපිළිවෙලකට අනුමැතිය ලැබී තිබේ. දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල Phase A ලෙස නම් කර ඇත. Phase B යටතේ සිදුවන්නේ එන්නත් ලැබීමට සුදුසුකම් ලබා ඇති ජනගහණයෙන් සියයට 70 කට දෙවන මාත්‍රාව ලබාදීමයි. එම ඉලක්කය සියයට 80 ක් වු පසු අධියර Phase C ලෙස නම් කරනු ලබයි. සමස්ත වැඩිහිටි ජනගහණය එන්නත් කර අවසන් කිරීමත් – ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග Phase D අධියර

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුරකින් පැරෂුටය කඩා වැටී ගුවන් කරණම් ශිල්පියෙකුට බරපතලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ Torquay හි සිදුවූ අනතුරකින් ගුවන් කරණම් ශිල්පියෙකු (skydiver) බරපතල තුවාල ලබා තිබේ. ඔහුගේ පැරෂුටය කඩා වැටී ඇති බව සඳහන්. අදාළ ස්ථානයට ගිලන් රථ කිහිපයක්ම පැමිණ ඇති බව දක්නට ලැබේ. තුවාල ලැබූ පුද්ගලයාගේ වයස අවුරුදු 50 ක් පමණ විය හැකි බවට විශ්වාස කෙරේ. ඔහු මේ වනවිට Alfred hospital වෙත ගෙනගොස් ඇත.   PIC – 9News

Read More »

වික්ටෝරියා කොවිඩ් අභිරහස විසඳෙයි / NSW ප්‍රාන්තයෙන් ඊයේ ආසාධිතයන් 179 ක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධනය වීම අභිරහසක් බවට නම් කර තිබූ ආසාධිතයාට වෛරසය වැළඳුණු ආකාරය හෙළිවී තිබේ. මීට සති කිහිපයකට පෙර Ariele Apartment complex නිවාස සංකීර්ණයෙන් බිහිවූ කොවිඩ් පොකුරෙන් මෙම පුද්ගලයාටද වෛරසය වැළඳී ඇති බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ. මේ අනුව මෙල්බර්න් නගරයේ කොවිඩ් ආසාධිතයන් පිළිබඳ පැවති අභිරහස විසඳී ඇතැයි ප්‍රාන්ත සෞඛ්‍ය ඇමති Martin Foley කියාසිටියා. මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදි තවත් කොවිඩ් ආසාධිතයන් 179 දෙනෙකු හමුවී ඇත. ඉන්

Read More »

ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 03 යි

අඛණ්ඩව 06 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරමින් ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් 03 ක් පමණක් සටහන්වී ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් සියලු දෙනා හුදකලාව සිටි අය බවයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 200 කි. ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 43,542 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 19,136 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1420875929304256512?s=20

Read More »