එන්නත්කරණ අභියෝගය ජයගැනීම සඳහා සිව් වැදෑරුම් වැඩපිළිවෙලකට අනුමැතිය

එන්නත්කරණ අභියෝගය ජයගැනීම සඳහා අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික කැබිනට් රැස්විමේදී සිව් වැදෑරුම් වැඩපිළිවෙලකට අනුමැතිය ලැබී තිබේ.

දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල Phase A ලෙස නම් කර ඇත.

Phase B යටතේ සිදුවන්නේ එන්නත් ලැබීමට සුදුසුකම් ලබා ඇති ජනගහණයෙන් සියයට 70 කට දෙවන මාත්‍රාව ලබාදීමයි.

එම ඉලක්කය සියයට 80 ක් වු පසු අධියර Phase C ලෙස නම් කරනු ලබයි.

සමස්ත වැඩිහිටි ජනගහණය එන්නත් කර අවසන් කිරීමත් – ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග Phase D අධියර ක්‍රියාවට නැංවෙන බවයි අගමැති ස්කොට් මොරිසන් කියාසිටියේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »